රජයේ පළමු කැබිනට් සංශෝධනය අනුව සංශෝධනය වූ අමාත්‍යධුර සහ නියෝජ්‍ය අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක මහතා විසින් .
පසුගිය 10 වැනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති කැබිනට් සංශෝධනය අනුව නව අමාත්‍යවරු තිදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා..
ඒ අනුව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ලෙස කටයුතු කළ බිමල් රත්නායක මහතාගෙන් වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය ඉවත් කර තිබෙනවා.
ඒ වෙනුවට අමාත්‍යවරයා වෙත නාගරික සංවර්ධන අමාත්‍යාංශය එක් කර තිබුණා.
වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අනුර කරුණාතිලක මහතාට ලබා දී ඇති අතර මීට පෙර නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ලෙස ඒ මහතා කටයුතු කර තිබුණා.
එමෙන්ම අනුර කරුණාතිලක මහතාගෙන් ඉවත්කළ ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය ධුරය, නියෝජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතාට ලබා දී තිබෙනවා.
මීට පෙර කිසිදු අමාත්‍ය ධුරයක් නොදැරූ ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, දිනිඳු සමන් කුමාර, නිශාන්ත ජයවීර සහ එම්. එම්. අයි. අර්කම් යන මන්ත්‍රීවරුන්ද නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ අනුව ඔවුන්ගේ අමාත්‍යධුර සම්බන්ධව ගැසට් නිවේදනය මෙලෙස නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
උණුසුම් පුවත්
- දිවයිනේ ප්‍රදේශ රැසක වායු ගුණාත්මකභාවය පිළිබද අනාවරණයක්
- කන්කසන්තුරය අනුරාධපුරය දුම්රිය ගමන් අද සිට ඇරඹෙයි
- උත්සව සමයේ ආරක්ෂාවට විශේෂ මෙහෙයුම් මැදිරියක්
- ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතාවය මහනුවරට
- සෝමාවතී – සුංගාවිල මාර්ගය තවදුරටත් වසා දැමෙයි
- පික්මී සහ ඌබර් කුලී රථ රියදුරන්ට එල්ල වූ ප්‍රහාර ගැන පොලිසියෙන් නිවේදනයක්
- තිස්ස විහාරය ඉදිරිපිටදී අත්අඩංගුට ගත් පිරිස ඇපමත මුදාහරී
- ශ්‍රී ලංකා කාන්තාවෝ ලකුණු 121කට දැවී යයි













