
මහවැලි, කැලණි, කළු ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි. ඒ අනුව මහවැලි ගඟ ඉහළ ප්‍රදේශය වන නාවලපිටිය, නානුඔය, වටවල වැනි ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ලැබී තිබෙනවා.














