Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
    • බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ
    • මෝදි සහ පුටින් අතර සාකච්චාවක්
    • මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට
    • වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා
    • කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්
    • ප්‍රදේශ රැසකට අදත් තරමක තද වැසි
    • ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පවතින අයහපත් කාළගුණය

    පවතින අයහපත් කාළගුණය

    2022-12-25කියවීමට මිනිත්තු 3ක් ගතවේ.26 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මහනුවර – දුනුවිල ප්‍රදේශයේ නිවසකට පස් කන්දක් කඩාවැටී ⁣එකම පවුලේ පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.

    මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයසේ පසු වූ සහෝදරයා සහ සහෝදරිය බව සඳහන්.

    අදාල නාය යෑම හේතුවෙන් තවත් අයෙකු ද තුවාල ලබා ඇති බව සඳහන්.

    මේ අතර පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතරක නාය යාමේ අවදානමක් මතුව තිබෙනවා.

    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ මහනුවර, කුරුණෑගල, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බවයි.

    එම ප්‍රදේශයන්වල කඳුකර හා බෑවුම් ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාව නායයෑම් ලක්ෂණ සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටිය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියා සිටියේ .

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවද රතු නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය දිවයින හරහා ගමන් කරමින් පවතින අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල තද වැසි හා සුළං ඇතිවන බවයි.

    දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

    නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 150 ට වැඩි ඉතා තද වැසි ඇතිවන බව එම නිවේදනයේ සඳහන්.

    සෙසු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවන බවද දිවයින හරහා පැයට කිලෝමීටර 40, 50 පමණ තද සුළං හමා යා හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

    එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් එම ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම් දී තිබෙනවා.

    අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුද තාවකාලිකව නවතා දමා තිබෙනවා.

    ස්ථාන කිහිපයක පස් කඳු කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනය සිමා කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ආශ්‍රීත පුවත්:  දිස්ත්‍රික්ක කිහිපයකට අද වැසි

    පිළිමතලාව පේරාදෙණිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ධාවනයට බාදා මතුව තිබෙනවා.

    මහනුවර දුම්රිය ස්ථානයද ජලයෙන් යටවීතිබෙනවා.

    එබැවින් කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය කඩුගන්නාව දක්වා සිමා කර ඇති බව සඳහන්.

    මේ අතර අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවී තිබෙනවා.

    අකුරණ නගරයද සම්පුර්ණයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් මෝටර් රථ කිහිපයක් ජල පහරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමන කටයුතු ඇනහිට තිබෙනවා.

    දැදුරුඔයේ වාන් දොරටු හයක් විවෘත කර ඇති බැවින් පුත්තලම සහ හලාවත ප්‍රදේශවල ඒ ආශ්‍රිතව ජීවත්වන දැඩි අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

    දැදුරු ඔයේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර 150 ඉක්ම වූ තද වැසි ලැබීම හේතුවෙන් එමඟින් නිකුත් කෙරෙන ජලධාරිතාව තවදුරටත් ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

    එමෙන්ම රාජාංගණය ජලාශයේද වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර, යාන් ඔය සුළු වශයෙන් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂ ජල කළමනාකරණ අංශයේ ඉංජිනේරු ඩී. අබේසිරිවර්ධන කියා සිටියේ.

    whether
    පෙර පුව​තක්‍රිකට් තේරීම් කමිටුවට වැඩබලන සභාපතිවරයෙක්
    ඊළඟ පුව​ත ගුවනින් මෙරටට එවූ රුපියල් කෝටි 2 ක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    වියලි කාලගුණයෙන් එක් ලක්ෂ හැට දහසකට අධික පිරිසකට පීඩා

    කැලණි ගඟේ පුද්ගල මළසිරුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-09-12

    බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් යොමු කිරීම ලබන සතියේ

    2026-09-12

    මෝදි සහ පුටින් අතර සාකච්චාවක්

    2026-09-12

    මල්වෙඩිල්ලක් පිපිරී දරුවෙකු මරුට

    2026-09-12
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group