අද දිනයේදිත් පාර්ලිමේන්තුව පෙරවරු 9.30 ට කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.
මේ අනුව පෙරවරු 9.30 සිට පෙරවරු 10 දක්වා කාලය වෙන් කර තිබුණේ මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නය සදහායි.
ඉන් අනතුරුව 10.30 සිට පස්වරු 5 දක්වා බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වෙනු ඇති.
මීට අමතරව පස්වරු 5 සිට පස්වරු 5.30 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න විමසීම සදහා වෙන් කර තිබෙනවා.
මේ අතර අද දින සභාවේ කටයුතු ආරම්භයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ උත්තර සභාගය පක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ව්‍යාපාර කමිටුවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
හඬ පට ධාවකයමෙහිදි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නය පිළිබදව වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ විපක්ෂයේ අනෙකුත් මන්ත්‍රීවරුන්ටද මෙම කමිටුවට සහභාගි වීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
හඬ පට ධාවකයමේ පිළිබදව අදහස් දක්වමින් පාර්ලිමේන්තුවේ සභා නායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා කියා සිටියේ ව්‍යාපාර කමිටුවට සාමාජිකයින් තෝරා පත් කර ගැනිමේ පාර්ලිමේන්තු ක්‍රියාවලියක් පවතින බවයි. එයට අවනත වී කටයුතු කළ යුතු බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.
හඬ පට ධාවකයමේ අතර කාරක සභා අවස්ථාවේදී රජයේ මුදල් පිළිබද කාරක සභා වාර්තාවක් උපුටා දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ කැසිනෝ සහ සූදු බදු සම්බන්ධයෙන් නව බදු ක්‍රමවේදයක් හදුන්වා දිය යුතු බවයි.
එම ආයතන ආදායම් බදු දෙපාර්තමේන්තුවට ආදායම් බදු වශයෙන් ගෙවනු ලබන්නේ නිශ්චිත ක්‍රියාවලියකට නිර්මාණය වූ මුදලක් නොවන බවටයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.
හඬ පට ධාවකයමේ අතර අද දින පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේ නීති විද්‍යාල ප්‍රවේශ ගාස්තුව රුපියල් 15, 000 දක්වා ද විභාග ගාස්තුව රුපියල් 1200 දක්වා ද වැඩි කිරීම සාධාරණද යන්නයි.
හඬ පට ධාවකයමේ සදහා පිළිතුරු ලබා දෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කියා සිටියේ අලුතින් හඳුන්වා දුන් ගැසට් පත්‍රයේ රෙගුලාසි අනුව නිති විද්‍යාලයේ ප්‍රවේශ ගාස්තු ඇතු`ඵව විභාග ගාස්තු වැඩි කිරීමක් සිදු කළ බවයි.
නීති විද්‍යාලයට බාහිරින් කිසිදු මුදලක් නොලැබීම ආදි කරුණු සලකා බලමින් මෙම තීරණය ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.
හඬ පට ධාවකය