පදියතලාව නගරයේ විදුලි උපකරණ අලෙවි සැලක ගින්නක් හටගෙන තිබෙනවා.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
පදියතලාව පොලිසිය මැදිහත්ව පදියතලාව ප්‍රාදේශීය සභාවේ ජල බවුසර් භාවිතා කර ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.
විදුලි කාන්දුව හේතුවෙන් අලෙවි ආයතනයේ සිවිලිමේ ඇති වූ ගින්න වර්ධනය වීමෙන් විදුලි උපකරණ අලෙවි සැලේ අලෙවියට තබා තිබූ උපකරණ විශාල වශයෙන් ගින්නෙන් දැවී විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න නිසා සිදු වූ හානිය නිශ්චිතව මෙතෙක් තහවුරු කර නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලිසිය පවසනවා.













