පකිස්තානයේ ළමුන් මිලියන 04 ක් පමණ තවමත් අපිරිසිදු හා ගංවතුර හේතුවෙන් ජලය එක් රැස් වී ඇති ස්ථාන ආශ්‍රිතව දිවි ගෙවන බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ හේතුවෙන් ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම පවතින්නේ අවදානමක බවයි යුනිසෙෆ් ආයතනය ද පවසන්නේ.
පකිස්ට්බානයේ ජකෝදාබාද් නගරයේ ගංවතුර හේතුවෙන් තවමත් තාවකාලික නවාතැන්වල රැදී සිටින පුද්ගලයින්ට ප්‍රමාණවත් පරිදි ඇදුම් පැළදුම් හෝ නොමැති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ දිනවල රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 07 ක් පමණ වන බව ද සදහන්.
එම ප්‍රදේශයේ වෙසෙන කුඩා දරුවන්, කදුකර ප්‍රදේශ ආසන්නයේ සිටින පිරිස් ද ඇතුළුව ළමුන් ලක්ෂ 02 කට හා කාන්තාවන් මෙන්ම පිරිමි පුද්ගලයින් සදහා අවශ්‍ය ඇදුම් යුනිසෙෆ් ආයතනය හා හවුල්කාරී පාර්ශව විසින් බෙදා හරිමින් ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පකිස්තානයේ සිටින ගංවතුරෙන් අවතැන් වු ළමුන් අතර මන්දපෝෂණය ඉහළ යමින් ඇති බවයි යුනිසෙෆ් ආයතනය පවසන්නේ.
එවැනි ළමුන් මිලියන 1.5 කට පමණ ජාත්‍යන්තරයෙන් ජීවිතාරක්ෂක පෝෂණ මැදිහත්වීම් අත්‍යවශ්‍ය බව ද යුනිසෙෆ් ආයතනය පවසනවා.
පවතිම සීත කාලගුණයත් සමග බෝවන රෝග ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති අතර ගංවතුරෙන් අවතැන්ව සිටින තරුණ තරුණියන් මිලියනයකගේ පමණ ජීවිත අවදානමක ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.