පකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයේ පසුගිය දින 16 තුළ අවම වශයෙන් පුද්ගලයින් 18 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඒ එම ප්‍රදේශයේ කර්මාන්තශාලාවල විෂ රසායන ද්‍රව්‍ය – පරිසරයට මුදා හැරීම හේතුවෙන්.
මිය ගිය පිරිසෙන් 15 දෙනෙකු දරුවන් බවයි කරච්චි බලධාරීන් පවසන්නේ.
සින්ද් පළාතේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ වැඩි පිරිසක් පෙනහළු ආශ්රිත රෝගවලට ලක්ව ඇති බවයි.