Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු
    • කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි
    • BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්
    • ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • හෑෂ් සමග අයෙක් කොටුවෙයි
    • නෝර්වුඩ් මහාමාර්ග විධායක ඉංජිනේරු කාර්යාලයෙන් ඉස්තාර් වැඩසටහනක්
    • පොලු පහරක් නිසා වෙච්චි දෙයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, මාර්තු 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    මුදල් ගරන මහා පරිමාණ වංචාරවක් ගැන අනාවරණයක්
    2026-01-31කියවීමට මිනිත්තු 2ක් ගතවේ.109 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන් ලෙස පෙනී සිටිමින් සිදුකරන ව්‍යාජ රඟපෑම්වලට නොරැවටෙන ලෙසත් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා.

    මේ වන විට කෙටි පණිවුඩ හා ඔන්ලයින් ඔස්සේ ක්‍රෙඩිට් කාඩ්පත් අත්හිටුවා ඇති බව සඳහන් පණිවුඩ එවමින් වංචාකාරී ලෙස මුදල් ලබාගන්නා ජාවාරමක් ක්‍රියාත්මක වන බවට ශ්‍රී ලංකා හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි ලැබී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය දන්වා සිටිනවා.

    කිසියම් සැකකටයුතු ක්‍රියාවක් හේතුවෙන් ක්‍රෙඩිට් කාඩ්පත අත්හිටුවා ඇති බව සඳහන් කරමින් හා ප්‍රසිද්ධ බැංකු කිහිපයක නම් සඳහන් කරමින් මෙම වංචාව සිදුවන බවත් ක්‍රෙඩිට් කාඩ්පත් නැවත සක්‍රීය කරගැනීමට නම් ජාතික හැඳුනුම්පත් අංකය ඇතුලු පෞද්ගලික තොරතුරු එම කෙටි පණිවුඩයේ සඳහන් ලින්ක් එක හරහා බැංකුවට ලබාදෙන ලෙසත් එම පණිවුඩය හරහා දැනුම් දෙන බවත් සංසදය පවසනවා.

    පැය 24ක් ඇතුළත එම තොරතුරු ලබානොදුනහොත් කාඩ්පත අවලංගු වන බව හෝ කාඩ්පත්වලින් මුදල් ඉවත්විය හැකි බවටද එම කෙටි පණිවුඩය හරහා දැනුම් දෙනවා.

    ක්‍රෙඩිට් කාඩ්පත යොදාගනිමින් ගනුදෙනු කරන පුද්ගලයන් මෙම පණිවිඩයට අනුකූලව කටයුතු කරමින් කාඩ්පත අවලංගු වීම වළක්වා ගැනීම සඳහා වහා ලින්ක් එකට ගොස් තමන්ගේ සංවේදී දත්ත ඇතුළත් කිරීම සිදු කර ඇති බවද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

    ඉන්පසු වංචාකරුවන් ඉතා සූක්‍ෂමව බැංකු ගිණුමට පිවිස ඕ.ටී.පී. අංකයක් තොරතුරු ලබාදුන් පුද්ගලයාට යවා එම අංකයා ලබාගෙන ඔවුන්ගේ ගිණුම්වල පැවැති මුදල් පැහැරගෙන ඇති බවද එම සංසදය පවසනවා.

    තවත් පිරිසකට ඔවුන්ගේ ජංගම දුරකථනයට වට්ස්ඇප් ඔස්සේ වීඩියෝ ඇමතුමක් ලබාදෙන පොලිස් ඇඳුමෙන් සැරසුණු වංචාකරුවෙක් තමන් සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස හඳුන්වා දෙමින් රඟපෑමක යෙදෙන බවත් අනාවරණය වී තිබෙනවා.

    අපරාධකරුවෙකු පොලිසියේ අත්අඩංගුවේ පසුවන බවත් එම පුද්ගලයා ඇමතුම ලැබෙන අයගේ නම සහ හැඳුනුම්පත යොදා ගනිමින් ක්‍රෙඩිට් කාඩ්පත් බැංකු කිහිපයකින් ලබාගෙන රුපියල් මිලියන ගණනක් වංචාකර ඇති බවත් සඳහන් කරන එම වයාජ පොලිස් නිලධාරිවරයා ඉන්පසු හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකයද සඳහන් කරමින් ප්‍රශ්න කර බලපෑම් කරන බවත් එම සියලු තොරතුරු තමන් මීට පෙර ලබාදුන් ඒවා බව ඒ වන විට වංචාවට හසු වූ අයට සිහිපත් කර ගැනීමට ඉඩක් නොලැබෙන පරිදි මෙම ප්‍රශ්න කිරීම සිදුවන බවත් පැමිණිලිවල සඳහන් වනවා.

    මෙම සිදුවීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවටද තර්ජනාත්මකව පැවසෙන නිසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගෙවා මෙම වංචාවට ගොදුරුවූවන්ද සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා.

    Source : Divaina 2026-01-31
    පෙර පුව​තකැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    සබැ​ඳි පුවත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    හෑෂ් සමග අයෙක් කොටුවෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු කතානායක අසෝක රන්වලට වරෙන්තු

    2026-03-15

    කළුතර ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

    2026-03-15

    BREAKING NEWS : නව වාහන ලියාපදිංචිය දැන් පුළුවන්

    2026-03-15

    ඉන්ධන නිකුත් කිරීම අද සිට QR ක්‍රමයට

    2026-03-15
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group