ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නේපාලයේ අන්තර්වාර අගමැතිනි සුෂිලා කර්කි සමඟ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
නේපාලයේ විරෝධතා අතරතුර සිදුවූ ජීවිත අහිමිවීම් සම්බන්ධයෙන් එහිදී බන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ශෝකය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.
දෙරට අතර විශේෂ සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමට ඉන්දියාවේ සූදානම සහ සාමය මෙන්ම ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
නේපාල ජනතාවගේ ප්‍රගතිය සඳහා දරන ප්‍රයත්නයන් සඳහා ඉන්දියාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා, නේපාලයේ අභිනව අගමැති කර්කිගේ පත්වීම පිළිබඳ ඉන්දීය රජය සහ ජනතාව වෙනුවෙන් ඇයට සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














