නේපාලයේ අන්තර්කාලීන අගමැති ලෙස අභිනවයෙන් දිවුරුම් දුන් සුෂිලා කාර්කි එරට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.
හිටපු අගවිනිසුරුවරියක වූ ඇය නේපාලයේ පළමු කාන්තා අගමැති ලෙස ඊයේ රාත්‍රියේ දිවුරුම් දුන්නා.
ඉන් අනතුරුව මෙම නියෝගය ක්‍රියාවට නංවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව නේපාල පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන වසරේ මාර්තු 21වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ අතර මැතිවරණය පැවැත්වෙන තෙක් මාස 6ක කාලයක් සඳහා පත්කළ එරට කැබිනට් මණ්ඩලය ද අද දිවුරුම්දීමට නියමිතව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- නුවරඑළියට තද වැසි – අකුණුසැර පතිතවීමෙන් තිදෙනෙකුට සුළු තුවාල
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














