රුපියල් කෝටි 35 ක් වටිනා නීතිවිරෝධී ලෙස ගෙනැවිත් තිබූ භාණ්ඩ තොගයක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී ශ්‍රී ලංකා රේගුව භාරයට ගෙන තිබෙනවා.
ඩුබායි සිට කොළඹ වරායට ගෙනැවිත් තිබූ බහාලුමක් තුළ පාවිච්චි කරන ලද මෝටර් රථ අමතර කොටස් ලෙස රේගුවට ප්‍රකාශ කරමින් මෙම නීති විරෝධී භාණ්ඩ ගෙන්වීමටයි කටයුතු කර ඇත්තේ.
මෙම නීති විරෝධී භාණ්ඩ පසුගිය 13 වැනිදා කොළඹ චැතම් වීදියේ ව්‍යාපාරිකයෙකුගේ නමට ගෙනැවිත් තිබූ අතර, ඊට අදාළ බහාලුම ඊයේ පරීක්ෂා කර බැලූ රේගු නිලධාරීන්ට ඒ තුළ තිබී රුපියල් මිලියන 40 ක් පමණ වටිනා කොටස් වලට ගලවා තිබූ ඇලියොන් සහ ප්‍රියස් මෝටර් රථ 03 ක් හමු වී තිබුණා.
මීට අමතරව රුපියල් කෝටි 18 ක් පමණ වටිනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ බි්‍රතාන්‍යයේ නිෂ්පාදිත සුවද විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, ඔලිව් තෙල් සහ විදේශීය නිෂ්පාදිත දුම්වැටි විශාල තොගයක් ද මෙම බහාලුමේ තිබී රේගු නිලධාරීන් භාරයට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.





 


 






 
								