පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බව කියන නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගුණරත්න වන්නිනායක මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අද සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී වන්නිනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම දැනුම්දීම සිදුකර තිබෙනවා.
එහිදී අභියාචනාදීකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය මහතා සඳහන් කළේ, තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතිඥවරයා විසින් ඉල්ලා සිටින අතුරු ඉල්ලීම ප්‍රධානය කිරීමට තම අධිකරණයට නොහැකි බවයි.
උණුසුම් පුවත්
- රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සහකාර රස පරීක්ෂකවරුන් බඳවා ගැනීමට පියවර
- ලබන 23 වන දා සිට කාලගුණික තත්ත්වයේ වෙනසක්
- “ඊගල්ස් මොන්සූන් කුසලාන” ගොල්ෆ් තරඟාවලිය චයිනාබේ හිදි
- ස්පාඤ්ඤයේ සිදු වූ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට – 37 කට තුවාල
- හෙරොයින් සමග යුවළක් අත්අඩංගුවට
- චීනයේ නව සංවර්ධන සැලසුමට චීන ජනපතිගෙන් උපදෙස්
- 2026 පන්දුවාර 20 ලෝක කුසලානය අද මෙරටට
- අනිද්දා සිට කාලගුණයේ වෙනසක්










