නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඊයේ උදෑසන කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා කුරුණෑගල කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාවතගම පොලිස් වසමේ පරගහදෙණිය හංදිය අසලදී සිදුකරන ලද වැටලීමකදි මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වන්නේ
එහිදී ඔවුන් විසින් තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි 3800ක් ද විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන තිබෙනවා .
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 59ක් සහ 30ක් වූ පරගහදෙණිය සහ වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන්
සිද්ධිය සම්බන්ධව මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.