නීති විරෝධීව ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමග ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු උතුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
යාපනය කෝවිලන් ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ධීවරයින් නාවික හමුදා භාරයට ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව පවසන්නේ, ඊයේ (20) රාත්‍රී කාලයේ, මෙම සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි.
මෙම මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිත බව නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.













