නීති විරෝධීව මෙරටට ගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ සහ කෘමිනාශක තොගයක් සමග සැකකරුවෙක් මීගමුවේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ නාවික හමුදාව සහ පොලිසිය එක්ව මීගමුව මෝරවල වෙරළ තීරයේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 835ක් සහ කෘමිනාශක කිලෝග්‍රෑම් 635ක තොගයක් රැගත් ඩිංගි යාත්‍රා තුනක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනුණු බවයි.
මීගමුව මෝරවල වෙරළ තීරයේ මෙම මෙහෙයුම නාවික නෞකා කැලණි ආයතනය සහ දූන්ගල්පිටිය පොලිසිය එක්ව මෙම මෙහෙයුම සිදු කර තිබෙනවා.
අදාළ සෝදිසි මෙහෙයුමේදී වෙරළ තීරයේ නවතා තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රා තුනක් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ බීඩි කොළ තොගය සහ කෘමිනාශක තොගය සොයා ගැනීමට සමත්වූ බවයි නාවික හමුදාව පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 39ක් පමණ වන මීගමුව දකුණු පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි නාවික හමුදාව පවසන්නේ.
සැකකරු බීඩි කොළ තොගය සහ කෘමිනාශක තොගය, ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා දුන්ගල්පිටිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.