නීති විරෝධීව මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් නාකි හමුදාව විසින් කල්පිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ ඊයේ(07) දින ඒ 7 මාර්ගයේ කල්පිටිය නගර සීමාවේ සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධීව රැගෙනවිත් ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ බීඩි කොළ කිලෝග්‍රෑම් 643ක තොගයක් රැගත් කැබ් රථයක් සමග සැකකරුවන් දෙදෙනා නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
වයඹ නාවික විධානයට අයත් නාවික නෞකා විජය ආයතනයට ලද තොරතුරකට අනුව කල්පිටිය නගර සීමාවේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කර තිබෙනවා.
එහිදී සැකකටයුතු කැබ් රථයක් පරීක්ෂාවලට ලක් කිරීමේදී මෙම නීති විරෝධී ගෙන එන ලද බීඩි කොළ තොගය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 37ක් සහ 41ක් වන කල්පිටිය තලවිල සහ පාලවිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා.
සැකකරුවන්, කැබ් රථය සහ බීඩි කොළ තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු විශේෂ ඒකකය වෙත භාරදී තිබෙනවා.