Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අප්‍රේල් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –

    නීත්‍යානුකුල රාජ්‍යක් ගොඩනගනවා – ජනපතිගෙන් සහතිකයක් ! – VIDEO –

    2025-10-03කියවීමට මිනිත්තු 2ක් ගතවේ.209 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අද පස්වරුවේ පැවැත්වුණා .
    ඒ මහනුවර ඓතිහාසික මඟු‍ල් මඩුවේදීයි.

    මෙම උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනා..

    අස්ගිරි පාර්ශවයේ හිටපු අනු නායක අති පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි නා හිමියන්ගේ අපවත්වීම හේතුවෙන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවි දෙකෙන් එක් පදවියක පුරප්පාඩුවක් ඇති වුණා.

    එලෙස පුරප්පාඩු වූ අස්ගිරි පාර්ශ්වයේ අනු නායක පදවිය වෙනුවෙන් අස්ගිරි පාර්ශ්වයේ එවක හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් සහ මහියංගන රජ මහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමියන්ගේ නම් යෝජනා වී තිබුණා.

    පසුගිය අගෝස්තු 28 වැනිදා අස්ගිරි පාර්ශවයේ අනු නායක ධුරය සඳහා වූ නිලවරණය අස්ගිරි විහාරයේ මංගල උපෝසථාගාරයේදී පැවැත්වුණා.
    ඒ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවේ ස්වාමීන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්.

    එහිදී කාරක සංඝ සභාවේ සාමාජික ස්වාමින් වහන්සේ 19 දෙනාගේ ඒකච්ඡන්දයෙන් අස්ගිරි පාර්ශ්වයේ එවක හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් අස්ගිරි පාර්ශ්වයේ අනු නායක ධුරය සඳහා අභිනවයෙන් තේරීපත් වුණා.

    1981 වසරේ ජනවාරි මස 25 වැනි දා පැවිදි දිවියට පිවිසි පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නා හිමියන් උපසම්පදාව ලබා ගන්නේ 1986 වසරේ ජූනි මස 06 වැනිදායි.

    විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් සුපෝෂිතව , ශාසනික තනතුරු රැසක් දරමින් මෙරට සම්බුදු සසුනේ උන්නතියට අනුපමේය මෙහෙවරක් කළ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභික ධුරයක් මෙන්ම නියෝජ්‍ය ලේඛකාධිකාරී හිමියන් ලෙස ඉටුකළ ශාසනික සේවාව අතිමහත් වනවා.

    මෙහිදී සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක ධුරයට පත් වූ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් හට සන්නස් පත්‍රය පිළිගැන්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතින් සිදු වුනා.

    එහිදී උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා පැවසුවේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සදහා අවශ්‍ය නීති රීති සංශෝධනය සහ රැකවරණය ලබා දීම රජය විසින් සිදු කරන බවයි.
    එමෙන්ම විහාර හා දේවාලගම් පනත සංශෝධනය කිරීමට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව හරහා රජය පියවර ගනිමින් සිටින බවයි ජනාධිපතිවරයා මෙහිදී සදහන් කලේ.

    ආශ්‍රීත පුවත්:  දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි

    මේ අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දහවල් මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නා හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

    පළමුව, මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපතිවරයා, මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වූ බවයි වාර්තාවන්නේ.

    එමෙන්ම ජනාධිපතිවරයා අස්ගිරි මහා විහාරය වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසමින් කෙටි පිළිසඳරක නිරත වී තිබුණා.

     

    #sri lanka #vfm news #srilanka #cricket #srilanka #foreignnews #srilanka #president Current Affairs election2024 Sinhala News vfm Vnews
    පෙර පුව​තඑංගලන්තයට දැවැන්ත ජයක් !
    ඊළඟ පුව​ත අමෙරිකාවේ දැවැන්ත තෙල් පිරිපහදුවක ගින්නක් !

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group