පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල ප්රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රී 12න් අවසන් වුණා.
ඒ අනුව අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ කිසිදු ප්රචාරක කටයුත්තක නොයෙදෙන ලෙස අපේක්ෂකයින් ඇතුළු සියලු පාර්ශව වෙත දැනුම් දෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවා.
පළාත් පාලන ආයතන 339ක් සදහා පැවැත්වෙන මෙම ඡන්ද විමසීම අනිද්දා පෙරවරු 7.00ට ආරම්භ වීමට නියමිත අතර ඡන්ද දායකයින් 17,156,338 දෙනෙකු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.
දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලින් ඡන්දය සදහා ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 75,589 ක් බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසුවා.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්රචාරක කටයුතු අවසන් වීමත් සමග අද සිට ආරම්භ වන නිහඬ කාල සීමාව තුළ නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ නිහඩ කාල සීමාව තුළ යම්කිසි අයෙකු නීතීවිරෝධීව පෝස්ටර්, බැනර් හෝ කටවුට් ප්‍රදර්ශනය කර ඇත්නම් ඒවා ඉවත් කිරීමට ද කටයුතු කරන බවයි.