අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස්වාර්තා සඳහන් කළේ, අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස්රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවයි.
ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ පුද්ගලයින් 52 දෙනෙකු ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරත් සමඟ පුද්ගලයින් බස්රථයෙන් ඉවතට විසිවී ගොස් ඇති අතර එරට පොලීසිය පවසන්නේ බොහෝ දෙනෙක් ආසන පටි පැළඳ නොසිට ඇති බවයි.
උණුසුම් පුවත්
- වියට්නාමයට සුළි කුණාටු අවදානමක්
- බස් රථ දෙකක් ගැටෙයි – 18කට තුවාල
- රජයේ රෝහල් කිහිපයකට නවීන ගිලන් රථ 20 ක්
- පොලිස්පති ආරක්ෂක ලේකම් හමුවෙයි
- හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්
- කොත්මලේ වතු නිවාස පෙළ ගින්නක්
- කාදර්නානා වත්තේ වෙඩි තැබීමට සැකපිට දෙදෙනෙක් අල්ලයි
- නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ මහතා අත්අඩංගුවට