විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා .
ඒ, ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනුවයි.
විපක්ෂ නායකවරයා දින 3 ක් එරට රැඳී සිටීමට නියමිතව තිබෙනවා .
එහිදී ඉන්දීය රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද සාකච්ඡා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම, එරට දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ලබන සිකුරාදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා .











