ඇමරිකාවේ බැල්ටිමෝර් හි ෆ්‍රැන්සිස් ස්කොට් කී පාලම නෞකාවක් ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයන් 06 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
මෙම පුද්ගලයන් 06 දෙනා ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවට අනුමාන කරන බවට අමෙරිකානු වෙරළාරත්ෂක බලකා නිලධාරීන් සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව සෝදිසි මෙහෙයුම් නවතා දමා තිබෙනවා.
ඊයේ අලුයම් කාලයේදී පැටපිස්කෝ ගංඟාව හරහා ඉදිකර ඇති පාලමේ කණුවක මෙම නෞකාව ගැටීමෙන් පසු පාලම කඩාවැටුනු අතර, ඒ මතින් ගමන් කරමින් තිබූ වාහන කිහිපයක් ගඟට වැටී තිබුණා.
මේ අතර මෙම ඛේදවාචකයෙන් බලපෑම් එල්ල වූ මිනිසුන් සිහිපත් කර පාලම නැවත ගොඩ නගන බව මේරිලන්ඩ් ආණ්ඩුකාර වෙස් මුවර ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පාලම ප්‍රතිනිර්මාණය කිරීම සහ වරාය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා වන සම්පූර්ණ පිරිවැය සිය රජය විසින් දරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
උණුසුම් පුවත්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම මෙරටට
- මසාජ් කරනවා කියලා කරපු කැත වැඩක් මාට්ටු
- පියාගේ ඇකයේ සිටි සිඟිත්තිය බිමට වැටී මරුට
- කෙසෙල්වත්තෙන් ගිනි අවියක් සහ උණ්ඩ 29ක් සොයා ගැනේ
- අගමැතිනිය ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි












