ශ්රී ලංකා නාවික හමුදාවේ නව මාණ්ඩලික ප්රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් 2024 අගෝස්තු මස 16 වනදා සිට ක්රියාත්මක වන පරිදි රියර් අද්මිරාල් බානගොඩ මහතාව එම තනතුරට පත්කර තිබුණා.
ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතාට නිල වශයෙන් භාර දීම ඊයේ දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු වුණා.