නාවලපිටිය, ගොන්දෙන්නාව ප්‍රදේශයේදී පොල්ලකින් පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙක් මියගොස් ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56ක් වූ ගොන්දෙන්නාව, නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු සහ සැකකරු අතර ඇති වූ පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇතිබ වට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවද පොලිසිය කියා සිටියා.
වයස අවුරුදු අවුරුදු 34ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාවලපිටිය පොලිසිය වැඩිදු විමර්ශන සිදු කරනු ලබනවා.













