නාවලපිටිය නගර සභාවේ මංගල සභා රැස්වීම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(25) දින උදෑසන 9ට නාවලපිටිය නගර සභා රැස්වීම් ශාලාවේදී පැවැත්වුණා.
එම නගර සභාවේ නව සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 2 යටතේ සභාවට තේරී පත් වූ එම නගර සභාවේ හිටපු නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ඡන්ද 9ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර එම සභාවේ උප සභාපතිවරයා වශයෙන් ස්වාධීන කණ්ඩායම් අංක 01 යටතේ කරුපප්නන් සුරේෂ්වරන් මහතා ඡන්ද 9ක් ලබාගනිමින් තේරී පත්වූවා.
ජාතික ජන බලවේගයෙන් තිලක් අමරසිරි සිරිසේන මහතා සහ උප සභාපතිවරයා ලෙස හේවගේ ප්‍රසන්න යෝජනා කළ අතට ඔවුන් දෙදෙනාම පැවැති විවෘත ඡන්දයෙන් ඡන්ද 05 බැගින් ලබාගත් අතර එම සභාව නියෝජනය කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ස්වාධීනව කටයුතු කරනු ලැබුවා.
නාවලපිටිය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් මන්ත්‍රී ධුර පහක්ද ස්වාධීන කණ්ඩායම අංක 2 සභික ධුර පහක්ද ස්වාධීන කණ්ඩායම අංක 01 මන්ත්‍රී ධුර දෙකක්ද සමගි ජන බලවෙග්යෙන් මන්ත්‍රී ධුර දෙකක්ද එක්සත් ජාතික සන්ධානයෙන් එක් සභිකයෙකු වශයෙන් එම නගර සභාව සභිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වනවා.
බහුතර බලයක් කිසිදු කණ්ඩායමකට හිමි නොවූ නිසා ස්වාධීන කණ්ඩායම් එක්වී නාවලපිටිය නගර සභාවේ සභාපති ධුරය සහ උප සභාපති ධුරය හිමිකරගනු ලැබුවා.