ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 09ක් සඳහා තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එම සංවිධානය දැනුම්දී ඇත්තේ අඛණ්ඩව පවතින වර්ෂාව හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල පහත් බිම් සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
ඒ අනුව කොළඹ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට මෙලෙස තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
අද (27) පස්වරු 04.00 සිට හෙට (28) පස්වරු 04.00 දක්වා මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.