පවතින අධික වර්ෂාව සමඟ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊයේ පස්වරු 5.00 සිට මෙම අනතුරු ඇඟවීම ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරන්නේ.
ඒ අනුව අනතුරු ඇඟවීම් මට්ටම 1 ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සහ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර යන ප්‍රදේශ සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම නිකුත් කර තිබෙනවා.
එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ රඹුක්කන කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල සහ අඹන්ගඟ කෝරළය , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම යන ප්‍රදේශවලට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ
උණුසුම් පුවත්
- අකූණු සැරයක් කළ හදියක්
- නීතිඥ වෘත්තියේ යෙදෙමින් විදේශ රැකියා වංචාවන් කරලා
- බේකරි නිෂ්පාදන මුවාවෙන් ගුලි විකුණලා
- සෙව්වන්දි අල්ලන එකේ ප්රතිඵලය මොකක්ද කියලා මුජිබර් අහනවා
- දිපාවලි සමරන්න වතුකරයේ ජනතාව කල්තියාම සූදානම් වෙයි
- පොලිසියෙන් දැනුම්දීමක්
- නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ප්රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- ආරථික වර්ධනය තවත් වේගවත් කරන්න – සජිත් – VIDEO –