පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සැප්තැම්බර් 26 වනදා යළි කැඳවන ලෙසf කාළඹ මහාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා.
රග්බි ක්‍රීඩාව ප්‍රවර්දනය කරන බව පවසමින් ඉන්දීයාවේ ක්‍රිස් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කරමින් අදාළ නඩුව නීතිපතිවරයා විසින් නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබුණා.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්කාර නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.