
රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය 04 වැනිදා එම කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.
මේ අතර මෙම සිද්ධියට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයක සැකකරුවකු වශයෙන් ද නාමල් රාජපක්ෂ නම් කර ඇති අතර, එම නඩුවට අදාළව ලබන 23 වනදා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස අධිකරණය පසුගියදා නියෝග කළා.














