නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේදී සිදු වූ මාරක රිය අනතුරින් විපතට පත් පුද්ගලයින්ගේ ඥාතීන් වෙත මූල්‍ය ආධාරයක් ලබා දීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාව හිමිව තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
නුවරඑළිය, නානුඔය ප්‍රදේශයේ දී අධික වේගයෙන් ධාවනය වූ බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුගිය 20 වනදා රාත්‍රියේ සිදුවූ අනතුරින් පුද්ගලයින් හත්දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
එමෙන්ම තවත් පුද්ගලයින් 50 දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.