අත්අඩංගුවට ගැනුණු දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අමල් සිල්වා මහතා ඇප මත මුදාහැර තිබෙනවා.
මන්ත්‍රීවරයා ඊයේ(28) අත්අඩංගුවට ගැනුණේ වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින්.
ඒ රුපියල් කෝටි හයකට අධික වටිනාකමක් සහිත ජීප් රථ තුනක් නීති විරෝධීව මෙරටට ගෙන්වා ව්‍යාජ ලේඛන භාවිත කරමින් ලියාපදිංචි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගැනුණූ නාගරික මන්ත්‍රීවරයා අද පෙරවරුවේ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කෙරුණා.
එහිදී ලක්ෂ පනහක ශරීර ඇප දෙකක් මත සැකකරු මුදාහරින ලෙසයි අධිකරණය නියෝග කර තිබෙන්නේ.
අමල් සිල්වා මහතා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වන අතර බස්නාහිර පළාත් හිටපු මන්ත්‍රීවරයකු වනවා.