ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් ග්‍රෙගරි පයින් මහතා සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් සිදුව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබි්‍රයෙල් අයිසැක් මහත්මිය ද මෙම හමුවට සහභාගීවී සිටියා.
සාකච්ඡාව අතරතුර, කථානායකවරයා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඇති ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා.
කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය, වෙළඳාම, ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපනය ඇතුළු බහුවිධ අංශවල සහයෝගීතාවය වර්ධනය සඳහා අවස්ථා පවතින බව ද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ධාරිතා වර්ධනය සහ තාක්ෂණික දියුණුව සඳහා නවසීලන්තයේ සහයෝගය ලබා ගැනීමේ වැදගත්කම කථානායකවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
දූෂණය තුරන් කිරීම සහ නීතිය හා සාමය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන උත්සාහයන් මහ කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්ව තිබෙනවා.
උණුසුම් පුවත්
- ඉෂාරා අදත් රැගෙන යයි
- පුද්ගල ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- අයි.එස්. සංවිධානය ව්‍යාප්ත සල්ලි පොම්ප කළ 15කට එරෙහිව විමර්ශන
- පළාත් දෙකක දෙමළ මාධ්‍ය පාසල් කිහිපයකට නිවාඩුවක්
- ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
- PHOTO : ඉහළ කොත්මලේ වාන් දමයි
- PHOTO: කෙසෙල්ගමු ඔය පිටාර ගලයි
- පාකිස්ථාන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙක් ජීවිතක්ෂයට