නවගමුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් හේතුවෙන් එම ගොඩනැගිල්ල ඇතුළත සම්පූර්ණයෙන්ම විනාශ වී අති බව නවගමුව පලොසිය පවසනවා.
ගින්න හේතුවෙන් ගොඩනැගිල්ල තුළ තිබූ රෙදි ගබඩාවක් සහ කාර්යාලයීය ලිපිගොනු රැසක් විනාශ වී ඇති බවද පොලිසිය පවසනවා.
කොළඹ සහ කෝට්ටේ මහ නගර සභාවල ගිනි නිවීම් රථ පැමිණ ගින්න පැතිරීම පාලනය කරනු ලැබුවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුව ඇති අලාභයද ගණනය කර නොමැති බවයි වාර්තා වන්නේ.
ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල සම්බන්ධයෙන් වාර්තා නොවන බවද පොලිසිය පවසනවා.













