විශ්වවිද්‍යාල පද්ධතියේ සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ පවතින නවක වදය, හිංසනය හා සියලුම ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් අවසන් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එම තත්ත්වයන් වැලැක්වීමට අවශ්‍ය නිර්දේශ සහ කටයුතු කඩිනමින් සම්පාදනය ලෙසයි අග්‍රාමාත්‍යවරිය අවධාරණය කර ඇත්තේ. .
අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන ආයතනවල නවක වදය, හිංසනය හා සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් තුරන් කිරීම සඳහා වන ජාතික කාර්ය සාධක බලකායේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.
විශ්වවිද්‍යාල පද්ධතියේ මෙන්ම උසස් අධ්‍යාපන ආයතන තුළ ශිෂ්‍යයන්ගෙන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සිදු වන සියලු ආකාරයේ හිංසනයන් සොයා බැලීම සදහා මෙහිදී සාමාජිකයන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.
මෙවැනි හිංසනකාරී සිදුවීම් සඳහා පුද්ගලික වශයෙන් මෙන්ම සාමාජීය වශයෙන් බලපාන හේතු පවතින බවයි මෙහිදී කාර්ය සාධක බලකායේ නියෝජිතයින් අවධාරණය කර ඇත්තේ.
අධ්‍යාපන පරිපාලනය, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල මෙන්ම සිසුන් අතර නිසි සබඳතාවක් ගොඩ නැගී නොතිබීම, නවක වදය පිලිබඳ සිසුන් තුළ පවතින වැරදි ආකල්ප මෙම තත්ත්වයන් ඉහළ යාමට හේතු වී ඇති බවද එම කාර්ය සාධක බලකායේ නියෝජිතයින් පෙන්වා දී තිබෙනවා. .
සියලු ආකාරයේ හිංසනයන් නතර කිරීම වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග කෙටිකාලීනව හා දිගුකාලිනව ගත යුතු අතර ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේද සහ යාන්ත්‍රණ සකස් කරන ලෙස අග්‍රාමාතන්‍වරිය මෙවිදී සදහන් කර තිබුණා.
වැඩි දුරටත් අග්‍රාමාත්‍යවරිය කාර්ය සාධක සාමාජිකයින් වෙත උපදෙස් දී ඇත්තේ නීතිමය ක්‍රියාමාර්ගවලින් පමණක් මෙය අවසන් කළ නොහැකි බැවින් පවතින නීතී යාවත්කාලීන කරන අතර ආකල්ප සංවර්ධන වැඩසටහන් වැනි දේ සංවිධානය කරන ලෙසයි.
උණුසුම් පුවත්
- කඳාන ගිනියම් කළ වෙඩි තැබීම
- හැටන් වෙළෙඳුන් කීරි සම්බා සහ සම්බා සහල් අලෙවියෙන් ඉවත්වෙයි?
- හිටපු ජනපති රනිල්ගෙන් ඊලොන් මස්ක්ට මල් මිටක්
- රුසියාවේ සහායට උතුරු කොරියානු හමුදා භටයින් 30,000 ක්
- බස්නාහිර පළාත් කොමසාරිස්වරියට එරෙහිව සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
- බාලි බලා ගිය මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38 ක් අතුරුදහන්
- යල කන්නයේ වී අස්වනු මිල දී ගැනීම අද සිට
- කහවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාට යාපනයට ස්ථාන මාරුවක්