දසවන පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 9.00 පමණ වන විට පැමිණෙන ලෙස පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර සියලු මන්ත්රීවරුන්ට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව නව සභාවාරය උදෑසන 10.00ට ආරම්භ කිරීමට නියමිතයි.
පාර්ලිමේන්තුව කරා පැමිණීමෙන් පසු මන්ත්රීවරුන්ගේ රථ පොලිස් නිලධාරීන් විසින් නියමිත රථගාලට යොමු කරන බවද ඇය ප්රකාශ කළා.