විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී වැඩි ඡන්දයෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.
හිටපු විගණකාධිපතිවරයා විශ්‍රාම යාමෙන් පසු මේ වන විට දින 42 ක කාලයක සිට එම තනතුර පුරප්පාඩුව පවතිනවා.
කෙසේ වෙතත් පුරප්පාඩු වී තිබෙන විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන එච්.ටී.පී චන්දන මහතාගේ නම නිර්දේශ කර තිබූ බවයි වාර්තා වන්නේ.
එහිදී අදාළ නිර්දේශය සම්බන්ධයෙන් ඊයේ පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදීද එකඟතාව පළ වූයේ නැහැ.
මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව ඇත්තේ ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහායි.
එහිදී විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා ඉදිරිපත් කළ නමට පක්ෂව ඡන්ද තුනක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද පහක් හිමිව තිබුණා.
එහිදී එක් සාමාජිකයෙකු පමණක් ඡන්දය ලබා දීමෙන් වැළකී සිට තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










