තරු පන්තියේ හෝටල් සහ ආපනාශාලා සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ සඳහා සංචාරක මණ්ඩලයේ අනුමැතිය සහ සුරාබදු නිවේදනයන්ට අනුව අනෙකුත් සුදුසුකම් සපුරාලිය යුතු අතර, මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය ද සහිතව එලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.