
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ප්‍රකාශක ලෙස බන්ධනාගාර කොමසාරිස් සේනක පල්ලේතැන්න මහතා පත් කර තිබෙනවා.. ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඒ මහතා මීට පෙර මහර බන්ධනාගාර අධිකාරී සහ පුහුණු අධ්‍යක්ෂ ලෙසද කටයුතු කර තිබෙනවා. සේනක පල්ලේතැන්න මහතා ගාල්ල රිච්මන් විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ මත්ද්‍රව්‍ය දුර්භාවිතා අධ්‍යනය පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා තිබෙනවා. තවද ඉන්දියාවේ කේරලයේ විශෝධනය සහ කලෙවිශෝධන කළමනාකරණය සම්බන්ධව ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා ඇති ඒ මහතා මත්ද්‍රව්‍ය දුර්භාවිතය පිළිබඳව ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, මාලදිවයින, තුර්කිය වැනි රටවල්වල ඩිප්ලෝමා පාඨමාලා රැසක්ද හදාරා ඇති බවයි වාර්තා වන්නේ.














