තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයේ තුන්වන ශේණියේ තැපැල් සහායක තනතුරට 731 දෙනෙකු තෝරාගෙන තිබෙනවා.
එම පිරිසට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය ලබන සදුදා අරලියගහ මන්දිරයේ දී සිදු කිරීමට නියමිතයි.
ඒ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්.
2021 වසරෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවට ස්ථීර තැපැල් සහායක බඳවා ගැනීම් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
ඒ හේතුවෙන් පසුගිය වසර අවසානය වනවිට තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහායක පුරප්පාඩු 1,982ක් නිර්මාණය වී තිබුණා.
මීට පිළියමක් ලෙස අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් දහසක් පිරවීම සඳහා අවශ්‍ය සේවකයින් බඳවා ගැනීමට පසුගිය අගෝස්තු 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණා.
උණුසුම් පුවත්
- රටම එකට ජාතික මෙහෙයුමෙන් සොයාගත් මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්
- වියට්නාම ගංවතුරින් මියගිය සංඛ්‍යාව ඉහළට
- ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්
- ශ්‍රී ලංකා සහ බංගලාදේශ පොඩ්ඩෝ අතර තරගාවලියක්
- අයගම ප්‍රදේශයේ මවකට සහ පුතෙකුට ඇසිඩ් ප්‍රහාරයක්
- ජනාධිපති නීතිඥවරු හතරදෙනෙක් දිවුරුම් දෙයි
- නුගේගොඩ රැළිය අත ළඟ – රනිල් ඉන්දියාවට !
- සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි










