රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය ඉදිරියටත් ලබාදෙන බව එහි නියෝජිතයින් පවසනවා.
ගුරු පුහුණුව, යටිතල පහසුකම් සංවර්ධනය, ඩිජිටල් තාක්ෂණ සංවර්ධනය ඇතුලු අධ්‍යාපන සංවර්ධනය සඳහා ආසියානු බැංකුවේ සහය තවදුරටත් හිමිවනු ඇති.
එහි නියෝජිතයින් පිරිසක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කළා.
හමුව සිදුවුණේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදි.