ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බ්‍රිතාන්‍යයේ සහ මාලදිවයිනේ සංචාරයකට සූදානම් වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හෙට දිනයේ සිට එක්සත් රාජධානියේ සහ මාලදිවයිනේ සිව් දින සංචාරයක් සඳහා පිටත්ව යාමට නියමිත බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.
ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීම ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.
මේ අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ බ්‍රිතාන්‍ය සංචාරය දෙපාර්ශවයටම තීරණාත්මක බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මෙම සංචාරයේදී 2030 වසර වන විට ද්විපාර්ශ්වික වෙළෙඳාම් ඩොලර් බිලියන 60 සිට දෙගුණ කිරීමට මග පෑදීමට නියමිත ඉන්දු – බ්‍රිතාන්‍ය නිදහස් වෙළෙඳ ගිවිසුම විධිමත් කිරීමටද නියමිතයි.
මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළමුව බ්‍රිතාන්‍යය බලා පිටත්ව යන අතර අනතුරුව ඔහු මාලදිවයිනේ නිදහස් දින සැමරුම සඳහා එරටට පැමිණෙනු ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
මාලදිවයිනේ මෙවර නිදහස් දින සැමරුමේ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වීමද විශේෂත්වයක්.