දිට්වා සුළි කුණාටුවෙන් පසු උදාවන නත්තල සැමරීම සඳහා විදේශිකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බවත් එසේ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් තම හෝටලයේදී නවාතැන් පහසුකම් ගෙන ඇති බවත් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරී මහින්ද පින්නපොළ මහතා පවසනවා.
උදාවන නත්තල වෙනුවෙන් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නත්තල් ගස්වලින් සහ නත්තල් සැරසිලිවලින් සරසා තිබෙන අතර නත්තල් සමයේ පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විශේෂ කෑම වට්ටෝරු, නුවරඑළිය අවට සුන්දර ස්ථාන නැරඹීම, හෝටලය තුළ විනෝදවීම ඇතුළු අංග රැසක් මෙවර නත්තල් සමයට ඇතුළත් කර ඇති බවයි සාමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
දිට්වා සුළි කුණාටුවෙන් දින කිහිපයක් පමණක් මාර්ග අවහිර වීම නිසා සංචාරකයන්ගේ පැමිණීම අඩුවක් පැවැති බවත් රජය මැදිහත් වී එම මාර්ග කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමත් සමග පෙරටත් වඩා නුවරඑළිය සුන්දරව පවතින බැවින් නත්තල් සමය සැමරීමට නුවරඑළියට පැමිණෙන ලෙසයි නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සාමාන්‍යාධිකාරිවරයා ඉල්ලා සිටින්නේ.













