නිරිත දිග මෝසම් තත්වය හේතුවෙන් බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ප්‍රදේශයේ නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
එම මුහුදු ප්‍රදේශවලට පැයට කිලෝමීටර 70 දක්වා ඉතා තද සුළං ඇතිවිය හැකියි.
එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ තද සුළං සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.