හැටන් බස් නැවතුම්පොලේ සිට ධාවනයට එක් කර ඇති බස්රථ 34 ක ධාවනය තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරික්ෂකවරයා නියෝග කර තිබෙනවා.
ඒ, මෝටර් රථ පරීක්ෂකවරුන් සහ හැටන් මූලස්ථාන පොලිසිය එක්ව ඊයේ සිදුකළ හදිසි පරික්ෂවකින් අනතුරුවයි.
එහිදී බස්රථ 45 ක් පරික්ෂාවට ලක් කළ අතර, ඉන් රථ 15 ක් සහ පෞද්ගලික බස් රථ 19 කට එරෙහිව තහනම් නියෝග නිකුත් කිරිමටයි පියවර ගෙන ඇත්තේ.
බස්රථවල ගමන් කිරීමේදි මගීන් සිදුවන අපහසුතා, වේග සීමා මෙන්ම, දිසාව පාලනයට පවතින දුර්වලතා සැළකිල්ලට ගෙන මෙලෙස තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.