පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ යෝජනාව ඊයේ පැවැති ඡන්ද විමසීමකින් අනතුරුව සම්මත කර ගැනුණා .
අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විරුද්ධව හිමිවූ ඡන්ද සංඛාව 62ක් .
ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අදාළ යෝජනාව සංශෝධිත ආකාරයෙන් සම්මත වූ බවයි .
මෙම යෝජනාව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා .
එම විවාදය ඊයේ පෙරවරුවේ සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වුනු අතර ඡන්ද විමසීම සිදු කෙරුනේ ඉන් අනතුරුවයි .
හඬ පට ධාවකයමේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව සම්මත වු බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය විසිනුයි මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ.