පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කර තිබෙනවා.
ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන ඇති බව සදහන්.
දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුනා.
තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇති තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ශික්ෂණලාභි ගුරු ලබාදීමේදී ගැටලු ඇති වුණ හේතුව කියන අගමැති හරිනි
- කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
- පාකිස්ථානයේ ජනගහනයෙන් මිලියන 11 පිරිසක් සාගත තත්ත්වයක
- ගුරු පුරප්පාඩු ගැන විශේෂ දැනුම්දිමක්
- දුම්රිය හරස් මාර්ගය අසල වාහන 3ක් එකිනෙක ගැටෙයි
- ඕස්ට්‍රේලියාවට හදිසි ගංවතුර තත්ත්වයක්
- නවසීලන්ත නියෝජ්‍ය අගමැති 24 වැනිදා දිවයිනට
- නව විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ