මෙම වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ සඳහා මහජන උපයෝගීතා කොමිසමේ නව සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු ඇතුලු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් අද දහවල් සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතයි.
පසුගියදා මේ සම්බන්ධයෙන් මහජන උපදේශනයක්ද පැවැත්වුණා.
එහිදී ඉදිරිපත් වූ යෝජනාද ගාස්තු සංශෝධනයේ දී සැළකිල්ලට ගනු ඇති.
විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තුව සියයට සියයට 3 කින් පහත දැමීමට යෝජනා කළ අතර, ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් ගාස්තු පහත දැමිය හැකි බව අදාළ මහජන උපදේශනයේදී තහවුරු වුණා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කියා සිටියේ.