
අද අලුයම ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ දී ලොරි රථයක් දෙමෝදර ගඟට පෙරළී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් රියදුරු තුවාල ලබා දෙමෝදර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිසිය සැක පළ කරන්නේ, ලොරියේ කාර්මික දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවයි.














