
දෙමටගොඩ, කුප්පියාවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීම වනාතේ චතූ නම් අපරාධකරුගේ පාර්ශ්වය විසින් මෙහෙයවනු ලැබූ බවට පොලීසිය සැක පළකරනවා. ඊයේ පස්වරුවේදයි මෙම වෙඩිතැබී සිදුව තිබුණේ. ඒ අනුව, දිනෝද් වරුණ බණ්ඩාර නම් බොරැල්ල, වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි වාර්තා වන්නේ.














