මීරිගම, බෝතලේ, පහළගම ප්‍රදේශයේ ඉඩමකට පෙරේදා පස්වරුවේ තරුණයින් තිදෙනෙකු එහි තිබූ දූරියන් ඇහිලීමේ අරමුණින් පැමිණ තිබුණා. එම අවස්ථාවේ ඉඩමේ මුරකරු එම තරුණයින් දෙසට වෙඩි තබා තිබෙනවා. බෝර – 12 වර්ගයේ ගිනි අවියකින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් එහිදී එක් තරුණයකු ජීවිතක්ෂයට පත් වුණා. පසුව අනෙක් තරුණයින් දෙදෙනා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණා. කෙසේ වෙතත් ඉඩමේ හිමිකරු මේ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටයි මීරිගම පොලිසිය පියවර ගත්තේ. එහිදී ස්ථානීය පරීක්ෂණය සිදුකරන තුරු අදාළ තරුණයාව එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පොලිසිය ප්‍රකාශ කළ ඥාතීන් චෝදනා එල්ල කළේ. පසුව දහ නවයයි අනූව ගිලන් රථයකින් පැමිණි සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් අදාළ තරුණයාගේ සිරුර නැවත පරික්ෂා කිරීමේදී අනාවරණය වී තිබුණේ තරුණයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ඉඩමේ මුරකරු මීරිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අනුව සැකකරු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. අදාළ තරුණයා මිය යාමට පෙර දිනයේ යුද්ධ හමුදාවට එක්වීම සඳහා සම්මුඛ පරීක්ෂණයකටද සහභාගී වී ඇති අතර එහිදී ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවය සඳහා තෝරා ගෙන තිබු බවද සඳහන්.
උණුසුම් පුවත්
- නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
- ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
- කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
- පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
- නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
- අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
- අද දවසේ කාලගුණ තත්ත්වය














