මෙරට දුෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපාන රජයෙන් ඩොලර් මිලියන දෙකයි දශම පහක් ලබා දීමට පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ ගිවිසුම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී ජපාන තානාපති අකියෝ ඉසොමටා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත අසුසා කුබොටා සහ අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා. රාජ්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය, ආයතනික දුෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා ව්‍යාපාර භාවිතයන්හි පවතින විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, යන කරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- උතුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා ආයතන අතර එකඟත්වයක්
- කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
- ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරය යළිත් උණුසුම්
- ජාත්‍යන්තර සංස්කෘතික සහයෝගිතා සම්මේලනය රුසියාවේදී ඇරඹෙයි
- තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
- ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අභාවප්‍රාප්ත වෙයි
- කබීර් කෝපා සභාපති පුටුවට
- ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ තවත් කාන්තාවක් මරුට